ටෙහෙරාන් පාලනය විසින් ප‍්‍රකාශ කර සිටියේ තම රටේ තෙල් අපනයනයේදී ජාතික මුදල් ඒකකය හෝ ඒ වෙනුවට රත‍්‍රන් හුවමාරු හුවමාරු කර ගැනීමට ඉරානයසූදානම් බවයි.
ඉරානයේ මධ්‍යම බැංකු ප‍්‍රධානි මොහොමඩි බහ්මානි විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව මේ හරහා ඩොලරය භාවිතයට පමණක් සීමා වූ විදේශ රටවල් සදහා අගනා අවස්ථාවක් වන අතර මේ නව ක‍්‍රමය අනුව ඕනෑම රටකට තමන්ගේම රටේ වලංගු මුදලින් ගනුදෙනු කල හැකි බවත් බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව යම් රටකට මුදලින් ගෙවීම වෙනුවට රත්තරන් වලින් ගෙවීම් සිදුකිරීමට යන්නේ නම් එයද කිසිදු අවහිරයකින් තොරව ඉරානය පිලි ගන්නා බවත් තව දුරටත් පෙන්වා දී ඇත.
වසර 2012 දී අමෙරිකාව විසින් ඉරානයේ බැංකු කටයුතු සදහා සම්බාධක දැඞ් කල තත්වයක් යටතේ ඩොලරය හරහා ඉරානයට සිදුකරන ගෙවීම් අවහිර කිරිමට උත්සහ ගෙන තිබිණ.
ඒ හේතුවෙන් ඉරානයේ තෙල් මිලදී ගැනීම් සිදු කරන රටවලට මතු වූ ගැටළුව වුයේ ඉරානයට ගෙවීම් සිදුකල හැක්කේ කෙසේද යන්නයි.
ඒ හේතුවෙන් එවන් රටවල් සදහා තම ජාතික ව්‍යවහාර මුදල් ඒ සදහා භාවිතයටද පහසුකම් ලබා දි ඇත.
පසුගිය දිනක අමෙරිකාව විසින් ඉරානයේ තෙල් භාවිතා කිරිම වෙනුවට වෙනත් විකල්ප සැපයුම් කරුවන් සොයා දෙමින් ඉරාන තෙල් ප‍්‍රතික්ෂේප කරන මෙන් පවසමින් ඉන්දියාවට බලපෑම් ඇති කිරිම ඉන්දියාව ප‍්‍රකෝප කරවන සුළු කි‍්‍රයාවක් විය.
ඔවුන් 12 %කට අධික තෙල් අවශ්‍යතාව සපුරා ගන්නේ ඉරානය හරහා වන අතර මෙයින් වසරක ලාභය පමණක් බිලියන 12 කට ආසන්න අගයක් ගනී.
එම තත්වය මත අමෙරිකාවේ බලපෑම් ගණනකට නොගත් ඉන්දියාව පෙරසේ තම ගනුදෙනු ඉරානය සමග සිදුකරමින් පවතින බවත් විදෙස් මාධ්‍ය විසින් පෙන්වා දෙයි.