බස් ගැන කතා කරන්න හිතුවේ ඩීසල් ගනන් ගිය නිසාම නෙවේ.දැනට මාස දෙක තුනකට කලින් හඳුන්වා දුන් කලර් කෝඩ් ගැන යමක් කියන්නයි.
මුලින්ම කතා කරමුකෝ සාමාන්‍ය බස් රථ සේවය ගැන.
ඇත්තටම කිව්වොත් කතා කරන්නට දෙයක් නැහැ නේද?
බස් එකට නැග්ග වෙලාවේ ඉඳන් "ඉස්සරහට යන්න" එක්කෝ "පස්සට යන්න" එක්කෝ"මැද පේලියේ යන්න ඉඩ තියන්න." එක්කෝ "අර කකුල මෙතනින් තියාගන්න,ඔය බෑග් ගලවගන්න" එකම ගාලගෝට්ටියකි.ඒ විතරක්යැ කොටන්න ගත්තම පාගන්න අමතකම වෙනවානෙ අපේ රියැදුරු මහතුන්ට.ඔන්න සාමාන්‍ය බස් සේවාව.
ඊලඟට නිල් පාට, ඒ කියන්නෙ අර්ධ සුඛෝපභෝගී සේවාව. සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරකි.සාමාන්‍ය ගාස්තුවට හිමි සියලු සුදුසුකම් මේවාටද හිමි බව ආඩම්බරයෙන් කිව හැක.ඊට අමතරව ඉතුරු භාගය සඳහා කන පැලෙන්න ශබ්ද පූජාව,තිර රෙදි අපට උරුමය.
ඊලඟට කොළ පාට..සුඛෝපභෝගී සේවාව.
මේවා ගැනත් කතා කල යුතුමයි.වෙලාවට පිටත් වීමක් දැකලාම නැත.හොඳින් කූල් එක මඟියන්ට ලැබෙන්නේ ගමන ආරම්භ කර ටික වේලාවක් යනතුරු පමණි. හිමීට කූල් එක අඩු කර දන්නෙ නෑ වගේ රිය පදවයි.සමහර කාලවලට මේවා මහමඟ කැඩෙයි.එතකොට සල්ලිත් නෑ කූලුත් නෑ.ඒ වගේ දේවල් ප්ලෑන් කරලා කරනවද කියලත් හිතෙනවා දකිනකොට.ඔන්න ඒකත් ඉවරයි..
ඇත්තම කියනවනම් ඊලඟට තියෙන අධි සුඛෝපභෝගී බස් එකක නම් මං තාම ගිහින් නෑ.ඒ නිසා මුකුත් කියන්න දන්නෙ නෑ.මේ බස් එකක ගියපු කෙනෙක් එහෙම ඉන්නවනම් අපිටත් කියලා දෙන්න ඒකෙ අරුමය...
බොහෝම ස්තූතියි.